වසර දෙකකට පෙර සවිකර ඇති ආරක්ෂක කැමරා 60කට වැඩි ප්‍රමාණයක් කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ වසරක පමණ සිට අක්‍රියව පවතින බව හෙළිව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පහරදීමකින් පෙරේදා (26) අලුයම රැඳවූවකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මේ බව හෙළිව තිබේ.
බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැඟිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවි කර ඇති සීසීටීවී කැමරා මෙසේ අක්‍රියව තිබේ.
මියගොස් ඇති තැනැත්තා පහර කෑමට ලක්වූ බව කියන සී වාට්ටුවේ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්, එයද මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බවත් එය ක්‍රියාත්මකව තිබුණේ නම් සිදු වූ අපරාධයේ සුලමුල සොයා ගැනීමට පහසු වන බව ද පොලිසිය සඳහන් කරයි.




