AFC Banner
AFC Banner
Empty Ad

වසරකට වැඩි කාලයකට පසු කෝලි සහ ශර්මා ඉන්දීය විස්සයි විස්ස සංචිතයට

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

රෝහිත් ශර්මා සහ විරාට් කෝලි මෙම සංචිතයට නම්කර ඇති අතර, ඔවුන් දෙදෙනා විස්සයි විස්ස සංචිතයකට එක්කර ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, යෂස්වි ජයිස්වාල්, විරාට් කෝලි, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, සංජු සැම්සන්, ශිවම් ඩුබේ, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, රවී බිෂ්නෝයි, කුල්දීප් යාදව්, අර්ෂ්දීප් සිං, අවිශ් ඛාන්, මුකේෂ් කුමාර් ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්.

ඇෆ්ගනිස්ථානය සමඟ විස්සයි විස්ස තරගාවලිය මේ මස 11 වනදා ආරම්භ වන අතර එහි දෙවන සහ තුන්වන තරග ලබන 14 සහ 17 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලබන ජුනි මාසයේ ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ඉන්දියාව එක්වන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය මෙය වන අතර, ඉන් පසුව 2024 අයි.පී.එල් තරගාවලිය ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?