වරාය යථා තත්ත්වයට පත් වීමට තවත් සති දෙකක් (වීඩියෝ)

රේගු වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ ද කොළඹ වරායේ කටයුතු යථා තත්ත්වයට පත් වීමට තවත් සති දෙකක් පමණ ගත වනු ඇතැයි වෘත්තීය සමිති නියෝජිතයන් පවසනවා.

වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් නිශ්කාෂනය කරගැනීමට නොහැකිවූ බහාලුම් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් තවමත් කොළඹ වරායේ සිරවී තිබෙනවා.

රේගු සේවකයින්ට අතිකාල සහ දිරි දීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල් , අමාත්‍යංශය භාරයට ගැනීම අසාධාරණ බව පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් දින 5ක් පුරා අතිකාල සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ ප්‍රථිපලයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු වෘත්තිය සමිති ඊයේ (19)දින රාත්‍රීයේ තීරණය කළා.

තවදුරටත් නිරාකරණය කරගත යුතු කරුණු මාර්තු 31වනදා වන විට සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව අද (20)දින උදෑසන සිට සාමාන්‍ය පරිදී රේගු කටයුතු ආරම්භ වුණා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රමාද වූ භාණ්ඩ නිශ්කාෂන කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවද බහාලුම් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් කොලඹ වරායේ සිරවී තිබෙන බවයි රේගු නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43