වරාය යථා තත්ත්වයට පත් වීමට තවත් සති දෙකක් (වීඩියෝ)

රේගු වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ ද කොළඹ වරායේ කටයුතු යථා තත්ත්වයට පත් වීමට තවත් සති දෙකක් පමණ ගත වනු ඇතැයි වෘත්තීය සමිති නියෝජිතයන් පවසනවා.

වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් නිශ්කාෂනය කරගැනීමට නොහැකිවූ බහාලුම් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් තවමත් කොළඹ වරායේ සිරවී තිබෙනවා.

රේගු සේවකයින්ට අතිකාල සහ දිරි දීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල් , අමාත්‍යංශය භාරයට ගැනීම අසාධාරණ බව පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් දින 5ක් පුරා අතිකාල සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ ප්‍රථිපලයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු වෘත්තිය සමිති ඊයේ (19)දින රාත්‍රීයේ තීරණය කළා.

තවදුරටත් නිරාකරණය කරගත යුතු කරුණු මාර්තු 31වනදා වන විට සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව අද (20)දින උදෑසන සිට සාමාන්‍ය පරිදී රේගු කටයුතු ආරම්භ වුණා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රමාද වූ භාණ්ඩ නිශ්කාෂන කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවද බහාලුම් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් කොලඹ වරායේ සිරවී තිබෙන බවයි රේගු නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01