වරාය නගරයට අදාළ තවත් නීති කිහිපයක් මාස තුනක් ඇතුළත සම්මත කිරීමට සැලසුම්

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කොළඹ නරය තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා. ඊට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය මහතා, සඳහන් කළේ කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්‍ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවයි. වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්‍රියාත්මක වන බව ඔහු මෙහිදී කියාසිටියා.

මේ අතර මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් කඩිනමින් සම්මත කිරීමට නියමිත බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ආයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා කෙරුණා. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප මාර්ග සඳහා ධනාත්මක පිළිතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා කියාසිටියා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයක් ලෙස චීනයට කුරුඳු අපනයනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පදනම්වයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?