වරාය නගරයට අදාළ තවත් නීති කිහිපයක් මාස තුනක් ඇතුළත සම්මත කිරීමට සැලසුම්

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කොළඹ නරය තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා. ඊට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය මහතා, සඳහන් කළේ කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්‍ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවයි. වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්‍රියාත්මක වන බව ඔහු මෙහිදී කියාසිටියා.

මේ අතර මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් කඩිනමින් සම්මත කිරීමට නියමිත බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ආයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා කෙරුණා. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප මාර්ග සඳහා ධනාත්මක පිළිතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා කියාසිටියා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයක් ලෙස චීනයට කුරුඳු අපනයනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පදනම්වයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29