වර්ජන ඉවතලා ජනතා සේවයට කැපවෙන සෞඛ්‍ය සේවකයින්ට ඇගයීමක්

වර්ජන ඉවතලා ජනතාව වෙනුවෙන් සේවය කරන සෞඛ්‍ය සේවාවේ සියල්ලන් ඇගයීමට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපවීමෙන් රාජකාරි කටයුතුවල යෙදෙන බවත් මෙම පිරිස් පිළිබඳව සොයා බලා විශේෂ ඇගයීමක් ලබා දෙන ලෙසත් ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දෙනවා.

කොවිඩ් ඇතුළු මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගය රැසකට මුහුණ දුන් මෙරට සෞඛ්‍ය සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් පදනම් විරහිත වර්ජනවල නිරතවන බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙම තත්වය තේරුම් ගත් වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලයේම සිටින ප්‍රගතිශීලි පිරිස් මිලියන 22 ක් වන ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක නිරත වීමට කැපවෙන බව රඹුක්වැල්ල මහතා පැවසුවා.

දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන ඔවුන්ගේ වෘත්තීය මට්ටමට ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩි දුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21