spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ජන ඉවතලා ජනතා සේවයට කැපවෙන සෞඛ්‍ය සේවකයින්ට ඇගයීමක්

වර්ජන ඉවතලා ජනතාව වෙනුවෙන් සේවය කරන සෞඛ්‍ය සේවාවේ සියල්ලන් ඇගයීමට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපවීමෙන් රාජකාරි කටයුතුවල යෙදෙන බවත් මෙම පිරිස් පිළිබඳව සොයා බලා විශේෂ ඇගයීමක් ලබා දෙන ලෙසත් ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දෙනවා.

කොවිඩ් ඇතුළු මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගය රැසකට මුහුණ දුන් මෙරට සෞඛ්‍ය සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් පදනම් විරහිත වර්ජනවල නිරතවන බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙම තත්වය තේරුම් ගත් වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලයේම සිටින ප්‍රගතිශීලි පිරිස් මිලියන 22 ක් වන ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක නිරත වීමට කැපවෙන බව රඹුක්වැල්ල මහතා පැවසුවා.

දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන ඔවුන්ගේ වෘත්තීය මට්ටමට ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩි දුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?