AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ අනිද්දා සාකච්ඡාවක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (03) දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මේ වන විට වර්ජනයක නිරතව සිටිනවා. මෙය අවාසනාවන්ත කරුණක් බව කිව යුතුයි. මෙමඟින් පීඩාවට පත්වන්නේ අනාගත ශිෂ්‍ය පරම්පරාවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රුපියල් මිලියන 150 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් සිදු වනවා. එය මිනිස් කාලය අනුව මිලියන 1.8ක අපතේයාමක් බව පැවසිය යුතුයි. ඒ නිසා අප රජයට තව පැයක්වත් නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.
මෙම වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරි මාස හය සඳහා රුපියල් බිලියන 1.1ක් අවශ්‍ය වනවා. මා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ ද සාකච්ඡා පැවැත්වෙනවා.
වැඩවර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කිරීමට නියමිතයි. අපගේ අපේක්ෂාව වන්නේ දෙපාර්ශ්වයම එකඟ විය හැකි මැද මාවතේ විසඳුමකට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වෙනවා. ඒ වගේම මෙරට උසස් අධ්‍යාපනය ද වෙනස් විය යුතුයි. මම පසුගිය දා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි. එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබාගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?