වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ අනිද්දා සාකච්ඡාවක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (03) දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මේ වන විට වර්ජනයක නිරතව සිටිනවා. මෙය අවාසනාවන්ත කරුණක් බව කිව යුතුයි. මෙමඟින් පීඩාවට පත්වන්නේ අනාගත ශිෂ්‍ය පරම්පරාවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රුපියල් මිලියන 150 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් සිදු වනවා. එය මිනිස් කාලය අනුව මිලියන 1.8ක අපතේයාමක් බව පැවසිය යුතුයි. ඒ නිසා අප රජයට තව පැයක්වත් නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.
මෙම වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරි මාස හය සඳහා රුපියල් බිලියන 1.1ක් අවශ්‍ය වනවා. මා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ ද සාකච්ඡා පැවැත්වෙනවා.
වැඩවර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කිරීමට නියමිතයි. අපගේ අපේක්ෂාව වන්නේ දෙපාර්ශ්වයම එකඟ විය හැකි මැද මාවතේ විසඳුමකට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වෙනවා. ඒ වගේම මෙරට උසස් අධ්‍යාපනය ද වෙනස් විය යුතුයි. මම පසුගිය දා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි. එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබාගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28