වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට අද (27) අලුයම 1.30ට පමණ සොරෙක් පැන තිබෙනවා.
වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට මෙම සොරා ඇතුල් වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය ඇරීමට ඔහු උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ශබ්දයක් ඇසීම හේතුවෙන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා විදුලි ලාම්පුව ඒ දෙසට යොමු කළ අවස්ථාවේ ඔහු පැන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් soco නිලධාරීන්, පොලිස් සුනඛ අංශය, ඇඟිලි සලකුණු අංශයන්හි සහාය මේ සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1