වයෝවෘද්ධ කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි

අනන්‍යතාව තහවුරු කර නොගත් මළ සිරුරු දෙකක් වීරඟුල සහ හොරණ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා.

ඊයේ උදෑසන වීරඟුල මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

ඇය අවුරුදු 60ක් පමණ වන අඩි 5යි අගල් 4ක් උස කාන්තාවක්. රතු සහ කොළ මිශ්‍ර බතික් ගවුමක් හැඳ සිටින බවයි පොලිසිය කියාසිටියේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර හොරණ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන මළ සිරුරක් ඇති බවට හොරණ පොලිසියට අද අලුයම ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙක්.

උඩු කය ඇඳුමක් නොමැති අතර දුර්වර්ණ වූ සරමක් ඇඳ සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?