වයෝවෘද්ධ කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි

අනන්‍යතාව තහවුරු කර නොගත් මළ සිරුරු දෙකක් වීරඟුල සහ හොරණ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා.

ඊයේ උදෑසන වීරඟුල මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

ඇය අවුරුදු 60ක් පමණ වන අඩි 5යි අගල් 4ක් උස කාන්තාවක්. රතු සහ කොළ මිශ්‍ර බතික් ගවුමක් හැඳ සිටින බවයි පොලිසිය කියාසිටියේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර හොරණ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන මළ සිරුරක් ඇති බවට හොරණ පොලිසියට අද අලුයම ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙක්.

උඩු කය ඇඳුමක් නොමැති අතර දුර්වර්ණ වූ සරමක් ඇඳ සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47