වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගෙදර යවයි

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රංජිත් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම සහ මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම ඊට හේතු වී ඇති බව සඳහන්.

අදාළ පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව පුරප්පාඩු වූ වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය සඳහා වෙනත් පුද්ගලයෙක් ලබන සිකුරාදා පත්කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?