ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද වප් මාසය හඳුන්වනු ලබනවා.
ඒ, අනුව පෙරවස් වසා වැඩ සිටින පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දිනයේ දී වීම විශේෂත්වයක්.
සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික් ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි වප් පුර පසළොස්වක පොහෝ දිනකයි.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම,මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට වැනි ශාසනික වශයෙන් වදකත් සිදුවීම් ටසක් මෙම පොහෝ දියන තුළ සිදුව තිබෙනවා.














