වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වන අලි පහරදීම්වලින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අරලගංවිල යාය 8 සහ පුලියන්කුලම ප්‍රදේශවලදියි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

ඊයේ (16) සවස අරලගංවිල පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ යාය 8 ප්‍රදේශයේ නිවසක් පිටුපස කාන්තාවක් මියගොස් සිටින අතර දේහයේ කොටස් සතුන් විසින් විනාශ කර ඇති බවටයි.

මෙම කාන්තාව නිවසේ තනිව ජීවත් වූ අයෙක් වන අතර වන අලියෙකු කළ පහරදීමකින් මරණය සිදුවී ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

ඇය යාය 8 ප්‍රදේශයේම පදිංචි 75 හැවිරිදි කාන්තාවක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර අද අලුයම 1 ට පමණ පුලියන්කුලම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් 75 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඔහුගේ නිවස පිටුපසදී මෙම පුද්ගලයා වන අලියාගේ පහරදීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රී ගම්මානයට පැමිණි වන අලි රංචුවක් ප්‍රදේශවාසීන් විසින් පන්නා දමමින් සිට ඇති අතර එම වන අලියෙකු මෙම පුද්ගලයාගේ නිවස අසලට පැමිණී අවස්ථාවේ පහරදීම සිදුවී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා එප්පාවල රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58