spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වන අලි පහරදීම්වලින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අරලගංවිල යාය 8 සහ පුලියන්කුලම ප්‍රදේශවලදියි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

ඊයේ (16) සවස අරලගංවිල පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ යාය 8 ප්‍රදේශයේ නිවසක් පිටුපස කාන්තාවක් මියගොස් සිටින අතර දේහයේ කොටස් සතුන් විසින් විනාශ කර ඇති බවටයි.

මෙම කාන්තාව නිවසේ තනිව ජීවත් වූ අයෙක් වන අතර වන අලියෙකු කළ පහරදීමකින් මරණය සිදුවී ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

ඇය යාය 8 ප්‍රදේශයේම පදිංචි 75 හැවිරිදි කාන්තාවක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර අද අලුයම 1 ට පමණ පුලියන්කුලම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් 75 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඔහුගේ නිවස පිටුපසදී මෙම පුද්ගලයා වන අලියාගේ පහරදීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රී ගම්මානයට පැමිණි වන අලි රංචුවක් ප්‍රදේශවාසීන් විසින් පන්නා දමමින් සිට ඇති අතර එම වන අලියෙකු මෙම පුද්ගලයාගේ නිවස අසලට පැමිණී අවස්ථාවේ පහරදීම සිදුවී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා එප්පාවල රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?