spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලියෙක් පොලිස් සැරයන්ගේ මඟ අහුරයි

ඊයෙ (05) රත්මල්ගහවැව කහටගස්දිගිලිය මාර්ගයේ කදුරුගස්කඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු වන අලියකුගේ ඇගේ වැදීමෙන් බරපතළ තුවාල ලබා රත්මල්ගහවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ මැදවච්චිය සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක දූෂණ මර්දන අංශයේ සේවය කළ පිහිඹියගොල්ලෑව පොලීසියේ සැරයන්වරයක් වන අතර ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැරයන්වරයා රාජකාරි නිම කොට සිය නිවස බලා පැමිණිමින් සිට ඇති මොහොතේ කදුරුගස්කඩ ප්‍රදේශයට වන අලියකු කඩා වැදී ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් එම අලියා පන්නා දමමින් සිට ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් පන්නා දැමූ වල් අලියා එකවර සැරයන්වරයා ගමන්ගත් මාර්ගයට කඩා වැදී ඇති බවත් සැරයන්වරයා යතුරු පැදිය ද සමග වල් අලියාගේ පිටුපස ප්‍රදේශයේ වැදි ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

පසුව බරපතල තුවාල ලැබු තුවාලකරු ප්‍රදේශවාසීන් විසින් රත්මල්ගහවැව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

කහටගස්දිගිලිය පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?