AFC Banner
AFC Banner
Empty Ad

වන්දනා නඩයක් රැගෙන ආ බස් රථයක් උඩමළුවේ දී ගිනි ගනී – පුද්ගලයෙක් මරුට

උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල දී වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් අද (22) අලුයම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසු වී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති බවත්, ඔවුන් පැමිණි බස් රථය මෙලෙස ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගින්නට හසු වී මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනුරාධපුර නගර සභා ගිනි නිවිමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව බස් රථයේ හටගත් ගින්න මැඩ පවත්වා ඇති අතර; උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?