වන්දනා නඩයක් ගිය බස් රථයකට ඇතෙකුගේ ප්‍රහාරයක්

සිතුල්පව්ව – කිරින්ද මාර්ගයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි බස් රථයකට ඇතෙක් පහර දී තිබෙනවා.

දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ අද (21) උදෑසන කාලයේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

ඇතාගේ ප්‍රහාරයට ලක්වූ බස් රථයට අලාභ හානි සිදු වී ඇති අතර, බස් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ඇතාගේ ප්‍රහාරය හමුවේ වහාම ක්‍රියාත්මක වූ රියදුරු බස් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?