වන්දනාවේ පැමිණි බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි බස් රථයකට මානිංගමුව ප්‍රදේශයේදී දළ ඇතකුගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අනුරාධපුර – තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් මෙම බස් රථය අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබියදී ඇතාගේ ප්‍රහාරයකට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රි එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අ,අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙලෙස ඇතාගේ ප්‍රහාරයට ලක් වූයේ මාතර ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දළ ඇතා ප්‍රදේශයේ මිනිස් ජීවිත රැසක් බිලිගෙන ඇති අතර නිවාසවලට ද දැඩි හානි සිදු කර ඇති බවයි. එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීන් පවසනවා.

මෙම ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
8
+1
4
+1
15
+1
10
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58