spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන්දනාවේ පැමිණි බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි බස් රථයකට මානිංගමුව ප්‍රදේශයේදී දළ ඇතකුගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අනුරාධපුර – තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් මෙම බස් රථය අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබියදී ඇතාගේ ප්‍රහාරයකට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රි එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අ,අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙලෙස ඇතාගේ ප්‍රහාරයට ලක් වූයේ මාතර ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දළ ඇතා ප්‍රදේශයේ මිනිස් ජීවිත රැසක් බිලිගෙන ඇති අතර නිවාසවලට ද දැඩි හානි සිදු කර ඇති බවයි. එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීන් පවසනවා.

මෙම ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
8
+1
4
+1
15
+1
10
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?