වනඅලින්ගේ ජීවිත වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වනඅලි දුම්රියේ ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වනඅලින් දුම්රියහි ගැටීම සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවයි.

2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වනඅලි සංගණනයක දී මෙරට වනඅලි සංඛ්‍යාව 5879ක්ව පැවති අතර මෑතක දී සිදු කරන ලද සංගණනයේ දී එම සංඛ්‍යාව 3130ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

පසුගිය වසර 13 තුළ දුම්රියහි ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්තාවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

මෙසේ මියගොස් ඇති අලි ඇතුන්ගෙන් සියයට 40ක් පමණ වයස අවුරුදු 30ත් 40ක් අතර වියේ පසුවන අලි ඇතුන් බවත් මෙම තත්ත්වය අලි ඇතුන්ගේ ගහණය වර්ධනය වීමට අහිතකර ලෙස බලපාන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරනවා.

වැලිකන්ද සහ පූනානී අතර දුම්රිය මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2022 වසරේ එම මාර්ගයේ අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් 23ක් වාර්තා වූ බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව අඹන්පොළ සහ ගල්ගමුව, ගල් ඔය සහ හිඟුරක්ගොඩ, මනම්පිටිය සහ වැලි කන්ද වැනි මාර්ගවල ද අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් බහුල වශයෙන් වාර්තා වූ බවත් පෙත්සමේ සඳහන්.

මෙම දත්ත පිරික්සීමේ දී වර්ධනය වෙමින් පවතින අලි ඇතුන් දුම්රියවල ගැටීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවක් අනාවරණය වන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.

මෙවැනි සිද්ධීන් මතු වී තිබියදීත් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග නොගැනීම තුළින් වග උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මේ වන විට සිදු වී තිබෙන දුම්රියවල අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?