වතුකරයේ හර්තාල් (ඡායාරූප)

වතු කම්කරුවන්ට දෛනික මුලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක්. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් අද (05) දින වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කර ඇත.

වතුකරය පුරා වතු කම්කරුවන් අද දින දෛනික වැඩකටයුතු වලින් ඉවත් වි ඇති අතර කිසිදු වතු කම්කරුවෙකු අද දින සේවයට වාර්තා කර නොමැත.

වතු කම්කරුවන්ට රුපියල් දහසක මුලික වැටුපක් ලබා දිය යුතු බවට වතු සමාගම්වලට එරෙහිව දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයකට සමගාමිව වතුකරයේ සියළුම වෙලදසැල් අද දින වසා දමා සහයෝගය දැක්විමට හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, කොටගල, තලවකැලේ ඇතුළු වතුකරයේ නගර වල වෙලද සංගම් කටයුතු කර ඇත.

වතුකරයේ දමිල පාසල් වල ඇතැම් ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර, ඇතැම් ගුරුවරුන් පාසල් වල ඉගැන්විම් කටයුතු සදහා පැමිණෙන ආකාරයක් පාසල් ළමුන් පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

වතුකරයේ කෙටි දුර ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ධාවන කටයුතු වලින් අද දින ඉවත් වි ඇති අතර ලංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය කටයුතු සිදු කරයි.

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබු අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරින්ගෙන් මෙම හර්තාලයට සහයෝගය දක්වන ලෙසට කල ඉල්ලිමක් මත එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරිමටද එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවා.

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු වෘත්තිය සමිති වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් මේ මස 8 දින කොළඹදි පැවැත්වෙන බවයි වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටියේ.

261703 11
261703 11 1
261703 11 1
261703 11 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09