වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ සැලසුම් බොහෝ දුරට අවසන්

වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගාමිණි අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය තැපැල් දෙපාර්තමේන්තුව සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව බොහෝ දුරට අවසන් කර ඇති බවයි.

එම කටයුතු සම්පූර්ණ කර අවසන් සැලසුම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම යළිත් දෙසැම්බර් මස 4 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා ඇතුළු වතු ප්‍රජාවට නිශ්චිත තැපැල් ලිපිනයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය නිල ලේඛන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

ඊට අමතරව එදිනෙදා කටයුතු කරගැනීමට යාමේ දී ද බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ තුළින් එම ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම තමා ඇතුළු වතු කම්කරු ප්‍රජාවට තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?