වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ සැලසුම් බොහෝ දුරට අවසන්

වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගාමිණි අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය තැපැල් දෙපාර්තමේන්තුව සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව බොහෝ දුරට අවසන් කර ඇති බවයි.

එම කටයුතු සම්පූර්ණ කර අවසන් සැලසුම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම යළිත් දෙසැම්බර් මස 4 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා ඇතුළු වතු ප්‍රජාවට නිශ්චිත තැපැල් ලිපිනයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය නිල ලේඛන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

ඊට අමතරව එදිනෙදා කටයුතු කරගැනීමට යාමේ දී ද බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ තුළින් එම ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම තමා ඇතුළු වතු කම්කරු ප්‍රජාවට තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39