වඩුනාගල විහාරයේ පුරා වස්තු විනාශ කිරීම ගැන විමර්ශනයක් ඉල්ලා පෙත්සමක්

වවුනියාව, වඩුනාගල පුරාණ රජ මහා විහාරයට අයත් පුරාවස්තූන් විනාශ කර එහි ශිව ලිංගයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහි වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා අද දින සිට සති හයක් ඇතුළත ගොනුකර ලෙස වගඋත්තරකරුවන්ට අවසර දුන් අධිකරණය එතැන් පටන් දින තුනක් තුළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙසටයි නියෝග කෙරුණේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05 ක් ගොනු කර තිබෙන බවයි.

ගල්ගමුවේ සංඝබෝධි හිමි, බ්‍රිගේඩියර් අතුල ද සිල්වා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අනුරාධපුර යුගය දක්වා දිවෙන පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත වවුනියාවේ වඩුනාගල රජ මහ විහාරය ට පසුගිය අප්‍රේල් මස 1 වැනිදා පිරිසක් පැමිණ පිරිසක් එම විහාරස්ථානයට හානි සිදු කල බවත් අනතුරුව එහි ශිව ලිංගයක් තැන්පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවට පෙත්සම්කරුවන් චෝදනා කළා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට හානි කිරීම අපරාධමය වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27