වඩුනාගල විහාරයේ පුරා වස්තු විනාශ කිරීම ගැන විමර්ශනයක් ඉල්ලා පෙත්සමක්

වවුනියාව, වඩුනාගල පුරාණ රජ මහා විහාරයට අයත් පුරාවස්තූන් විනාශ කර එහි ශිව ලිංගයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහි වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා අද දින සිට සති හයක් ඇතුළත ගොනුකර ලෙස වගඋත්තරකරුවන්ට අවසර දුන් අධිකරණය එතැන් පටන් දින තුනක් තුළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙසටයි නියෝග කෙරුණේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05 ක් ගොනු කර තිබෙන බවයි.

ගල්ගමුවේ සංඝබෝධි හිමි, බ්‍රිගේඩියර් අතුල ද සිල්වා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අනුරාධපුර යුගය දක්වා දිවෙන පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත වවුනියාවේ වඩුනාගල රජ මහ විහාරය ට පසුගිය අප්‍රේල් මස 1 වැනිදා පිරිසක් පැමිණ පිරිසක් එම විහාරස්ථානයට හානි සිදු කල බවත් අනතුරුව එහි ශිව ලිංගයක් තැන්පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවට පෙත්සම්කරුවන් චෝදනා කළා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට හානි කිරීම අපරාධමය වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ පාදෙණියේ බිහිසුණු බස් - ලොරි අනතුර
00:31
Video thumbnail
ආණ්ඩුව විනාශ කරන්න කිහිප දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..චන්ද්‍රිකාගේ මැදිහත්වීම ගැන අපිට සතුටුයි
05:15


?