වගා ළිඳෙන් හමුවූ තරුණියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සීප්පුකුලම ප්‍රදේශයේ වගා ළිඳක තිබී සොයා ගැණුනු තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඇයගේ ඥාතීන් පවසනවා.

මෙලෙස මියගොස් තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 23ක පමණ ආබාධිත තරුණියක්.

ඇයගේ පියා සහ අසල්වැසියෙකු අතර පසුගිය 14 වනදා ගැටුමක් සිදුවි ඇති අතර එහිදී තුවාල ලැබූ පියා අනුරාධපුර රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.

සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරිය වන මෙම තරුණිය කිසියම් ආබාධිත තත්ත්වයකින් පෙළෙන අතර ඔවුන් නිවසේ සිටියදී මව ඊයේ දහවල් රෝහල් ගතව සිටින සැමියා බැලීම සඳහා ගොස් තිබෙනවා.

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායට ගොස් නැවත පැමිණීමේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබෙනවා.

පසුව අසල්වැසියන්ට දැනුම්දී අවට සිදු කළ පරීක්ෂා කිරීමේදීයි ඇය වගා ළිඳට වැටී ඇති බවට දැනගෙන ඇත්තේ.

ඇයගේ මරණය සැක සහිත බවට මව්පියන් සහ ඥාතීන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව මිහින්තලේ පොලිසිය විසින් විමර්ශණ ආර්මභ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමුකර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03