වංචනික ලෙස ATM යන්ත්‍ර මඟින් මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

වංචනික ලෙස ATM යන්ත්‍ර මඟින් රුපියල් ලක්ෂ 04කට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් පුද්ගලයෙකු දොම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද පැමිණිලි මත ATM යන්ත්‍රවල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගී කරගෙන මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තයේ තිබී ව්‍යාජ ATM කාඩ් 10ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 36 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වනදා දකවා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?