AFC Banner
Empty Ad
Empty Ad

ලෝක සාමය වෙනුවෙන් ඉන්දියාවට කළ හැකි දේ බොහෝයි – ඔස්ට්‍රියා චාන්සලර් කියයි

ඉන්දියාව “වැදගත්, බලගතු සහ අගය ලැබිය යුතු” රටක් වන අතර රුසියානු – යුක්රේන ගැටුම ඇතුළු ගෝලීය සාම ක්‍රියාවලීන්හි දී “වැදගත්” භූමිකාවකට දායක විය හැකි බව ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහාමර් පවසනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ වියානාහිදී අද (11) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින් නෙහාමර් කියා සිටියේ බ්‍රික්ස් හි ආරම්භක සාමාජිකයෙකු ලෙස ඉන්දියාව යුක්රේනය පිළිබඳ ස්විට්සර්ලන්ත සාම සමුළුවට සහභාගී වීම තමාට වැදගත් සංඥාවක් බවයි.

“අද, අපි ඊටත් වඩා ශක්තිමත් කැපවීමක් ගැන සහ සාම ක්‍රියාවලිය පුනර්ජීවනය කිරීමේ ශක්‍යතා ගැන කතා කරමින් සිටිමු. අගමැති මෝදි සහ මම ගෝලීය දකුණේ ඉන්දියාවේ අද්විතීය තත්ත්වය ගැන සාකච්ඡා කළෙමු,” ඔස්ට්‍රියානු චාන්සලර්වරයා පැවසුවා.

ඉන්දීය අගමැතිවරයෙකු ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත වන්නේ වසර 41කට පසුවයි.

අගමැති මෝදි ඔස්ට්‍රියාවට පැමිණියේ ඔහුගේ දෙදින රුසියාවේ නිල සංචාරයෙන් අනතුරුවයි.

එමෙන්ම මෝදිගේ ඔස්ට්‍රියා සංචාරය සිදු වන්නේ; දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන මොහොතක වීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?