ලෝක සාමය වෙනුවෙන් ඉන්දියාවට කළ හැකි දේ බොහෝයි – ඔස්ට්‍රියා චාන්සලර් කියයි

ඉන්දියාව “වැදගත්, බලගතු සහ අගය ලැබිය යුතු” රටක් වන අතර රුසියානු – යුක්රේන ගැටුම ඇතුළු ගෝලීය සාම ක්‍රියාවලීන්හි දී “වැදගත්” භූමිකාවකට දායක විය හැකි බව ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහාමර් පවසනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ වියානාහිදී අද (11) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින් නෙහාමර් කියා සිටියේ බ්‍රික්ස් හි ආරම්භක සාමාජිකයෙකු ලෙස ඉන්දියාව යුක්රේනය පිළිබඳ ස්විට්සර්ලන්ත සාම සමුළුවට සහභාගී වීම තමාට වැදගත් සංඥාවක් බවයි.

“අද, අපි ඊටත් වඩා ශක්තිමත් කැපවීමක් ගැන සහ සාම ක්‍රියාවලිය පුනර්ජීවනය කිරීමේ ශක්‍යතා ගැන කතා කරමින් සිටිමු. අගමැති මෝදි සහ මම ගෝලීය දකුණේ ඉන්දියාවේ අද්විතීය තත්ත්වය ගැන සාකච්ඡා කළෙමු,” ඔස්ට්‍රියානු චාන්සලර්වරයා පැවසුවා.

ඉන්දීය අගමැතිවරයෙකු ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත වන්නේ වසර 41කට පසුවයි.

අගමැති මෝදි ඔස්ට්‍රියාවට පැමිණියේ ඔහුගේ දෙදින රුසියාවේ නිල සංචාරයෙන් අනතුරුවයි.

එමෙන්ම මෝදිගේ ඔස්ට්‍රියා සංචාරය සිදු වන්නේ; දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන මොහොතක වීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30