එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පසුගිය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
කර්මාන්ත විශ්ලේෂකයින් පවසන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟ ආසියානු සහ යුරෝපීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි.
මේ අතර ලොව විශාලතම අපනයනකරුවන්ගෙන් එකක් වන කටාර් එනර්ජි සමාගම එහි නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර වලින් පසු නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු අද දිනයේ LNG ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
ලෝකයේ LNG ගෑස්වලින් පහෙන් එකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, කටාර් රාජ්‍ය සිය LNG ගෑස් අපනයනයෙන් 90% ක් ප්‍රවාහනය කරන්නේ ඕමානය සහ ඉරානය අතර ඇති මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.
විශ්ලේෂකයින්ට අනුව LNG ගෑස් සැපයුමට මෙලෙස බාධා එල්ලවීම හරහා ආසියාවේ වඩාත්ම බලපෑමකට වන රටවල් අතර චීනය, ඉන්දියාව, තායිවානය සහ දකුණු කොරියාව සිටින බවයි.



