ලෝක වකුගඩු දිනය අදයි – දිනකට වකුගඩු රෝගී මරණ 05ක්

දෛනික ව මෙරට තුළ වකුගඩු රෝගීන් 5 දෙනෙකුට සිය ජීවිතය අහිමි වන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පෙන්වා දෙනවා.

2023 වසරේ සංඛ්‍යාලේඛන ගෙන පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ මෙරට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල්ගතවීම් 213,448ක් සහ මරණ 1626ක් වාර්තා වී ඇති බවයි.

2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ සංඛ්‍යාව 6,582ක්.

එමෙන්ම වකුගඩු බද්ධ කළ රෝගීන් සංඛ්‍යාව 300ක් බවත් වාර්තා වනවා.

තවමත් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වනවා.

එවන් තත්ත්වයක් හමුවේ 2006 වසරේ සිට ලෝක වකුගඩු දිනය සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබනවා.

මෙම වසරේ වකුගඩු දිනය සැමරීමේ නිල තේමාව වන්නේ; “දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” යන්නයි.

මේ අතර ලෝකයේ ජනගහනයෙන් සියයට 10ක පමණ ප්‍රමාණයකට වකුගඩු රෝගී තත්ත්වයන් පවතින බව වකුගඩු රෝග පිළිබඳ ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි, ළමා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා ගුණසේකර පවසනවා.

ලෝක වකුගඩු දිනය ගැන දැනුම්වත් කිරීමේ ඊයේ (12) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

වකුගඩු රෝගය පාලනය කිරීමට මෙන් ම ඉන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් වන විශේෂ වැඩසටහන් කිහිපයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත ක්‍රියාත්මක කරනවා.

ලෝකයේ සියයට 10ක් පමණ ඇති වකුගඩු රෝගය හේතුවෙන් ක්‍රමයෙන් වකුගඩු අකර්මණ්‍ය වන බවත් මිලියන 850කට පමණ කාලික වකුගඩු රෝගය (Chronic kidney disease) ඇති බව ද විශේෂ වෛද්‍ය වින්ද්‍යා ගුණසේකර මහත්මිය පැවසුවා.

එමෙන්ම දකුණු ආසියාවේ සිදු කර ඇති විවිධ පර්‍යේෂණ තුළින් හෙළි ව ඇත්තේ මෙම කාලික වකුගඩු රෝගී තත්ත්වයට සියයට 10 – 20 දක්වා ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි.

එය අගයක් ලෙස ගතහොත් මිලියන 200 ත් 400ත් අතර ප්‍රමාණයක් වනවා.

මහාචාර්‍යය රජිත අබේසේකර මහතා විසින් සිදු කරන ලද මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වූ පර්‍යේෂණයකින් හෙළි ව ඇත්තේ එම ප්‍රදේශය තුළ සියයට 14ක ප්‍රජාවට කාලීන වකුගඩු රෝගීන් ලෙසයි.

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයක් විසින් විශාල වැය බරක දරනු ලබන අතර එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් 80,000ක පමණ මුදලක් වැයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16