ලෝක ටෙස්ට් ශූරතා (2023/25) තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද (13) යි.
ඊයේ (12) දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම පන්දුවට පහරදෙමින් සිටින ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 144ක් ලබා සිටියා.
ඔස්ට්‍රෙලියාව පළමු ඉනිමට ලකුණු 212ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානුවන් ලකුණු 138කට දී සියල්ල දැවී ගියා.
ඒ අනුව ලකුණු 74ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් ඔස්ට්‍රෙලියාව සිය දෙවැනි ඉනිම ඇරඹුවා.
දෙවැනි ඉනිමේදීත් පළමු ඉනිමේ සේම පීඩනාත්මක පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබඩා සහ ලුන්ගි නිගිඩි කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.
මාර්කෝ ජැන්සන් සහ වියෑන් මල්ඩර් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
ඇලෙක්ස් කේරි පමණක් ලකුණු 43ක් ලබා ගත්තා.
සෙසු කිසිදු ඔස්ට්‍රෙලියානු පිතිකරුවෙකුට දෙවැනි ඉනිමේදී පළමු ඉනිම තරම්වත් සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.
තරගයේ තෙවැනි දිනය අද වනවිට ඔස්ට්‍රෙලියාව දකුණු අප්‍රිකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 218ක් ඉදිරියෙන් සිටිනවා.





