ලෝක ටෙස්ට් ශූරතා අවසන් සටනේ තෙවැනි දිනය අදයි – කැන්ගරුවන් ලකුණු 218ක් ඉදිරියෙන්

ලෝක ටෙස්ට් ශූරතා (2023/25) තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද (13) යි.

ඊයේ (12) දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම පන්දුවට පහරදෙමින් සිටින ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 144ක් ලබා සිටියා.

ඔස්ට්‍රෙලියාව පළමු ඉනිමට ලකුණු 212ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානුවන් ලකුණු 138කට දී සියල්ල දැවී ගියා.

ඒ අනුව ලකුණු 74ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් ඔස්ට්‍රෙලියාව සිය දෙවැනි ඉනිම ඇරඹුවා.

දෙවැනි ඉනිමේදීත් පළමු ඉනිමේ සේම පීඩනාත්මක පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබඩා සහ ලුන්ගි නිගිඩි කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

මාර්කෝ ජැන්සන් සහ වියෑන් මල්ඩර් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඇලෙක්ස් කේරි පමණක් ලකුණු 43ක් ලබා ගත්තා.

සෙසු කිසිදු ඔස්ට්‍රෙලියානු පිතිකරුවෙකුට දෙවැනි ඉනිමේදී පළමු ඉනිම තරම්වත් සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.

තරගයේ තෙවැනි දිනය අද වනවිට ඔස්ට්‍රෙලියාව දකුණු අප්‍රිකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 218ක් ඉදිරියෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26