ලෝක ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ කමිඳු ස්ථාන 03කින් ඉහළට

ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ස්ථාන 03ක් ඉදිරියට ඒමට සමත් ව තිබෙනවා.

ඒ අනුව කමිඳුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තබා ඇත්තේ 16 වැනි ස්ථානයේයි.

ඒ පසුගියදා වසර 15කට පසුව සිය මව්බිමේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ දී කමිඳු මෙන්ඩිස් පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතාවත් සමගින්.

ඔහුට එම තරගාවලිය අවසන් වන විට එක් වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්.

කමිඳු මෙන්ඩිස් මෙතෙක් ටෙස්ට් තරග 08ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු අඛණ්ඩව එම සෑම තරගයක දී ම අර්ධ ශතක රැස් කරගැනීමට හෝ සමත් ව තිබෙනවා.

එසේ අඛණ්ඩව සෑම ටෙස්ට් තරගයක දී ම අර්ධ ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද කමිඳුයි.

මීට අමතරව ලොව දෙවන වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ට ද හිමිකම් කියන්නේ මෙම අසහාය නවක ක්‍රීඩකයායි.

බ්‍රැඩ්මන්ට පසුව 1950 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ප්‍රවේගකාරීම ටෙස්ට් ශතකය, ආසියාවේ වේගවත් ටෙස්ට් ශතක 05, ආසියාවේ වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 යන වාර්තා සියල්ලට ම කමිඳු මෙන්ඩිස් හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පසුබැස ඇති අතර ඔහුට හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
101
+1
4
+1
24
+1
5
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?