ලෝක ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ කමිඳු ස්ථාන 03කින් ඉහළට

ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ස්ථාන 03ක් ඉදිරියට ඒමට සමත් ව තිබෙනවා.

ඒ අනුව කමිඳුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තබා ඇත්තේ 16 වැනි ස්ථානයේයි.

ඒ පසුගියදා වසර 15කට පසුව සිය මව්බිමේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ දී කමිඳු මෙන්ඩිස් පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතාවත් සමගින්.

ඔහුට එම තරගාවලිය අවසන් වන විට එක් වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්.

කමිඳු මෙන්ඩිස් මෙතෙක් ටෙස්ට් තරග 08ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු අඛණ්ඩව එම සෑම තරගයක දී ම අර්ධ ශතක රැස් කරගැනීමට හෝ සමත් ව තිබෙනවා.

එසේ අඛණ්ඩව සෑම ටෙස්ට් තරගයක දී ම අර්ධ ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද කමිඳුයි.

මීට අමතරව ලොව දෙවන වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ට ද හිමිකම් කියන්නේ මෙම අසහාය නවක ක්‍රීඩකයායි.

බ්‍රැඩ්මන්ට පසුව 1950 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ප්‍රවේගකාරීම ටෙස්ට් ශතකය, ආසියාවේ වේගවත් ටෙස්ට් ශතක 05, ආසියාවේ වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 යන වාර්තා සියල්ලට ම කමිඳු මෙන්ඩිස් හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පසුබැස ඇති අතර ඔහුට හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33