ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ගැන අසුබ ආරංචියක්

තමන්ට යළිත් සුපුරුදු පරිදි ක්‍රීඩා වැදීමට පැමිණීමට හැකි නිශ්චිත දිනයක් කිව නොහැකි බවට ලෝක ටෙනිස් ශූර රෆා‍යෙල් නඩාල් පවසනවා.

නඩාල් පෙන්වාදෙන්නේ තමන්ගේ උකුල් ආබාධයේ ශල්‍යකර්මයෙන් පසු තුවාල තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් ම සුවය වී නොමැති බැවින්, යළි පිටියට එක් වීම සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතභාවයක් බවයි.

ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩකයෙකු මෙන් ම, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි කාලයක් මුල් පුටුව හෙබවූ තරුවක් නම්, ඒ නඩාල් බව ලොවට ම රහසක් නොවේ.

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වන නඩාල් පසුගිය ජනවාරි මාසයේ දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූයේ ඇති වූ උකුල් ආබාධය හේතුවෙන්.

ඉන් පසුව එම ආබාධය දරුණු වූ හෙයින්, නඩාල් හට ජුනි මාසයේ දී ශල්‍යකර්මයකට ද භාජනය වන්නට සිදු වුණා.

ඒ හේතුවෙන් නඩාල් මෙම වසරට ඔහුට නියමිත ව තිබූ සියලු ම ජාත්‍යන්තර ටෙනිස් තරග කාලසටහනෙන් ඉවත් වූයේ දහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ද සුන් කරමින්.

නමුත් මෙම මස මුල දී, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අධ්‍යක්ෂ ක්‍රේග් ටයිලි පැවසුවේ නඩාල් එළඹෙන වසරේ දී යළිත් ක්‍රීඩාවට අවතීර්ණ වනු ඇති බවයි.

නමුත් එහිදී නඩාල්ගේ ස්පාඤ්ඤයේ නියෝජිත Benito Pérez-Barbadillo CNN වෙත පැවසුවේ නඩාල් ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැති බවයි.

මෙවන් පසුබිමක් මතයි රෆායෙල් නඩාල් CNNE වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ.

ඒ පෙර සඳහන් කළ පරිදි තමන්ගේ ශල්‍යකර්ම තුවාලය සම්පූර්ණයෙන් සුව වන දිනයක් නිශ්චිත නොවන බැවින්, ක්‍රීඩාවට යළි පැමිණීම තවත් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවනු ඇති බවයි.

තමන්ට තරග කිරීමට නම්; ශාරීරික යෝග්‍යතාව සියයට සියයක් ම යෝග්‍ය විය යුතු යැයි තමන්ට හැඟෙන බැවින් මෙම තීරණයට එළැඹි බව ද මෙම ටෙනිස් ශූරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08