ලෝක කුසලාන අවසන් තරගයේ තණතීරුව සඳහා ICCය ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරයි

පසුගිය නොවැම්බර් 19 වැනිදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවති තණතීරුව “සාමාන්‍ය” තණතීරුවක් ලෙස අයි.සී.සීය විසින් ශ්‍රේණිගත කර තිබෙනවා.

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වුණේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

මන්දගාමී තනතීරුවක් වූ අවසන් මහා තරගයට ලැබුණු තණතීරුවේ, පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට නියමිත පන්දුවාර 50 තුළ දී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

අනතුරුව ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

මේ අතර අවසන් පූර්ව වටයේදී ඉන්දියාව සහ නවසීලන්ත තරගය සඳහා හිමි වූ වන්කඩේ ක්‍රීඩාංගනයේ තණතීරුවට ‘හොඳ’ ශ්‍රේණිගත කිරීමක් අයි.සී.සීය විසින් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එම තරගයට පෙර මාධ්‍ය වාර්තා පළ වූයේ සත්කාරකයින් තණතීරුව මාරු කර ඇති බවත්, නැවුම් තණතීරුවක් වෙනුවට භාවිත කළ තණතීරුවක් ලබා දී ඇති බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයට සත්කාරකත්වය දැරූ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුවට අයි.සී.සීය විසින් “සාමාන්‍ය” ශ්‍රේණිගත කිරීමක් ද ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
59
+1
2
+1
0
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?