ලෝක කුසලාන අවසන් තරගයේ තණතීරුව සඳහා ICCය ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරයි

පසුගිය නොවැම්බර් 19 වැනිදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවති තණතීරුව “සාමාන්‍ය” තණතීරුවක් ලෙස අයි.සී.සීය විසින් ශ්‍රේණිගත කර තිබෙනවා.

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වුණේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

මන්දගාමී තනතීරුවක් වූ අවසන් මහා තරගයට ලැබුණු තණතීරුවේ, පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට නියමිත පන්දුවාර 50 තුළ දී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

අනතුරුව ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

මේ අතර අවසන් පූර්ව වටයේදී ඉන්දියාව සහ නවසීලන්ත තරගය සඳහා හිමි වූ වන්කඩේ ක්‍රීඩාංගනයේ තණතීරුවට ‘හොඳ’ ශ්‍රේණිගත කිරීමක් අයි.සී.සීය විසින් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එම තරගයට පෙර මාධ්‍ය වාර්තා පළ වූයේ සත්කාරකයින් තණතීරුව මාරු කර ඇති බවත්, නැවුම් තණතීරුවක් වෙනුවට භාවිත කළ තණතීරුවක් ලබා දී ඇති බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයට සත්කාරකත්වය දැරූ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුවට අයි.සී.සීය විසින් “සාමාන්‍ය” ශ්‍රේණිගත කිරීමක් ද ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51