AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානය දිනූ නායකයින්ට අයි.සී.සීයෙන් ඇරයුමක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ජයග්‍රාහී නායකයින්ට විශේෂ ආරාධනයක් සිදුකර තිබෙනවා.

ලබන 19 වනදා අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් මෙම ආරාධනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ජයග්‍රාහී සියලුම නායකයින් අයි.සී.සී ආරාධනයට අනුව නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර 1996 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගෙන් මේ සම්බන්ධයෙන් අප විමසා සිටියා.

එහිදී හිටපු නායකයා සඳහන් කළේ එවැනි ආරාධනයක් මේ දක්වා තමන්ට නොලැබුණු බවත්, ජේ ෂා විසින් තමන්ට එවැනි ආරාධනයක් සිදු නොකරනු ඇති බවයි.

අයි.සී.සීය විසින් සිදුකළ මෙම ආරාධනය මත එම අවස්ථාවට සහභාගී වීමට පාකිස්ථානය වෙනුවෙන් එක්දින ලෝක කුසලානය දිනා දුන් සුපිරි ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට මඟ හැරී තිබෙනවා.

ඒ, ඔහු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
3
+1
1
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?