ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තවත් එක් අවස්ථාවක් පවතිනවා.

එම අවස්ථාව ගිලිහී ගියහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමටයි.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට නම් නවසීලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙකම ජය ගැනීමට අනිවාර්ය වනවා.

ඊට අමතරව එළඹෙන 31 වනදා දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ආරම්භවන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දී නෙදර්ලන්තය එක් තරගයක් ජයගැනීම ද අනිවර්යයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙක ජයගෙන, නෙදර්ලන්තය ද දකුණු අප්‍රිකාව පරදා එක් තරගයක් ජයගත හොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට බිංදුවක පූර්ණ තරගාවලි ජයක් හිමිකරගෙන ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවතියා.

කෙසේ වෙතත් එම අවස්ථාව මඟ හැරී ගියේ අද (25) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්වීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29