ලෝක කුසලානයට එක්ව සිටින පාකිස්ථානය හෝටලය මාරු කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නිව්යෝර්ක් හි ඔවුන්ගේ නවාතැන්පොළේ වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන්ට එළඹෙන 09 සහ 11 යන දිනවල දී තරග පැවැත්වෙන නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමීප හෝටලයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයට මීට පෙර වෙන් කර තිබුණේ නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැය එකහමාරක් පමණ දුරින් පිහිටි හෝටලයක නවාතැන් ගැනීමටයි.

කෙසේ වෙතත් මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම එම ක්‍රීඩාංගණයේ සිට මිනිත්තු දහයක පමණ දුරකින් පිහිටි Long Island හි හෝටලයකට යාමට කටයුතු කර ඇති බව සඳහන්.

ලෝක කුසලාන තරඟවලදී, හෝටල් වෙන්කිරීම් මෙහෙයවනු ලබන්නේ අයි.සී.සීය විසින් වන අතර, කණ්ඩායම් හෝටල් වෙනස් කිරීම කලාතුරකින් සිදුවන දෙයක්.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පෙර ශ්‍රී ලංකාව රැඳී සිටියේ නසාවු ක්‍රීඩාංගණයේ සිට මිනිත්තු 90ක් දුරින් පිහිටි බෘක්ලින්හි නවාතැන්පොළකයි.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළට ඔවුන්ගේ දිනය පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට සිදු වූ අතර, අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දරුණු පරාජයකට මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් තීක්ෂණ විසින් තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලසටහන සහ සැපයුම් අසාධාරණ ලෙස සකසා ඇති බවයි පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැවසුවේ මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා පිළේ ගමන් විධිවිධාන පිළිබඳව ඔවුන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයත් සැළකිල්ලට ගනිමින් පාකිස්ථාන මෙලෙස නවාතැන් ගන්නා හෝටලය මෙලෙස වෙනස්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
0
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16