ලෝක කුසලානයට එක්ව සිටින පාකිස්ථානය හෝටලය මාරු කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නිව්යෝර්ක් හි ඔවුන්ගේ නවාතැන්පොළේ වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන්ට එළඹෙන 09 සහ 11 යන දිනවල දී තරග පැවැත්වෙන නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමීප හෝටලයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයට මීට පෙර වෙන් කර තිබුණේ නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැය එකහමාරක් පමණ දුරින් පිහිටි හෝටලයක නවාතැන් ගැනීමටයි.

කෙසේ වෙතත් මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම එම ක්‍රීඩාංගණයේ සිට මිනිත්තු දහයක පමණ දුරකින් පිහිටි Long Island හි හෝටලයකට යාමට කටයුතු කර ඇති බව සඳහන්.

ලෝක කුසලාන තරඟවලදී, හෝටල් වෙන්කිරීම් මෙහෙයවනු ලබන්නේ අයි.සී.සීය විසින් වන අතර, කණ්ඩායම් හෝටල් වෙනස් කිරීම කලාතුරකින් සිදුවන දෙයක්.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පෙර ශ්‍රී ලංකාව රැඳී සිටියේ නසාවු ක්‍රීඩාංගණයේ සිට මිනිත්තු 90ක් දුරින් පිහිටි බෘක්ලින්හි නවාතැන්පොළකයි.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළට ඔවුන්ගේ දිනය පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට සිදු වූ අතර, අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දරුණු පරාජයකට මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් තීක්ෂණ විසින් තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලසටහන සහ සැපයුම් අසාධාරණ ලෙස සකසා ඇති බවයි පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැවසුවේ මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා පිළේ ගමන් විධිවිධාන පිළිබඳව ඔවුන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයත් සැළකිල්ලට ගනිමින් පාකිස්ථාන මෙලෙස නවාතැන් ගන්නා හෝටලය මෙලෙස වෙනස්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
0
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?