ලෝක කුසලානයක ශතකයක් වාර්තා කිරීමේ ඉලක්කයක් මට තිබුණා – පැතුම් නිස්සංක (වීඩියෝ)

ලෝක කුසලාන තරගයක ශතකයක් වාර්තා කිරීමේ ඉලක්කයක් තමන්ට තිබූ බව, ඊයේ (16) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20-20 තරගයේ, තරගයේ වීරයා බවට පත් වූ පැතුම් නිස්සංක පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැතුම් නිස්සංක මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට පැමිණ කණ්ඩායමට ලබාදුන් ශක්තියට ප්‍රේක්ෂකයින්ට තමන් ස්තූතිවන්ත වන බවයි.

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති තරගය කඩුලු 08කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ දී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක පන්දු 52ක් තුළ නොදැවී ලකුණු 100ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
14
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54