spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුන්ෆු තරගාවලියේ දී පදක්කම් 08 ක් ශ්‍රී ලංකාවට

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා (28) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

මෙම තරගාවලිය ඉකුත් (22) දින සිට (27) දින දක්වා චීනයේ , එමිෂාන් ( Emeishan ) නුවර ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණි .මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස (28) දින රාත්‍රී 08.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් , පුහුණුකරුවන් , උපදේශකවරුන් , විනිසුරුවරුන් සහ විවිධ පළාත් වල වූෂූ සංගම් වල නියෝජිතයන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණයා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?