ජපානයේ පැවති ශ්‍රී ලංකා පුණ්‍යාධාර තේ වෙන්දේසියේ දී (Ceylon Tea Charity Ocction) ලෝකයේ වටිනාම , මිළ අධිකම තේ නිෂ්පාදය සදහා හිමි ගිනස් වාර්තාව හිමිකර ගත් නව විතාන කන්ද තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ FF Extra Special කළු තේ (Black Tea) විශේෂය සමත් වී ඇති අතර, එම වෙන්දේසියට සහභාගී වූ එම කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ගුණසේකර ඊයේ (01) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
වසර 03 කට වරක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරන , “Ceylon Specialty Tea” තරගාවලිය යටතේ මෙරට කෘෂි දේශගුණික කළාප( Agro Climetic District ) 07 කට බෙදා, එම කළාප වල ජයග්‍රාහී තේ නිෂ්පාදකයින් 07 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන් මෙම ජපානයේ ඔසාකා නුවර , පසුගිය 26 දින පැවති තේ වෙන්දේසිය සදහා යොමු කර තිබෙනවා.
මෙම තේ වෙන්දේසිය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජපානයේ තේ අලෙවිකරුවන්ගේ සංවිධානය විසින් එක්ව ජපානයේ එක්ස්පෝ – 2025 ( Expo -2025) ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර තිබූ අතර ඒ සදහා ජාත්‍යන්තර ගැණුම්කරුවන් 70 දෙනෙකු ඉදිරිපත් වී සිටියා.
එහිදී සබරගමුව කළාපය නියෝජනය කරන නව විතාන කන්ද තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ කළු තේ විශේෂය සදහා මෙතෙක් ලෝකයේ තේ කිලෝ ග්‍රෑමයක් සදහා නියම වූ වැඩිම මිළ වූ ජපාන යෙන් 125,000 ක , ශ්‍රී ලංකා රුපියල් 255,000 ක ඉහළ මිළක්, ජැනට් පැරිස් ඉන්ටර්නැෂනල් සමාගම (Janat Paris International Company) විසින් ගෙවා මිළදී ගෙන තිබුණා.
මෙම තේ වෙන්දේසියෙන් ලද සමස්ථ ආදායම , ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා යොමු කිරීමට නියමිතයි.
මෙසේ නව ලෝක ගිනස් වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවේ නව විතාන කන්ද තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ උසස් නිලධාරීන් , නව විතාන කන්ද තේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.





