AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයම කළඹමින් ප්‍රංශ ජනපතිවරයාට කනේ පහරක් එල්ල කළ පුද්ගලයාගේ පැටිකිරිය මෙන්න

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.

ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය හිට්ලර්ගේ මෙයින් කාම්ප් ග්‍රන්ථය සහ අවි කීපයක් සොයාගෙන තිබේ.

ටැරල් නමින් හඳුන්වන මොහු කරාටේ ශුරයකු බව අනාවරණය වී ඇත. 

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක් ගසන දර්ශනය වීඩියෝ ගත කළ ඔහුගේ මිතුරු ආතර් නමැත්තා ද පොලිස් අත්අඩංගුවේ පසු වේ. 

ප්‍රංශ බී එස් එම් රූපවාහිනිය පැවසුවේ මොවුන් දෙදෙනා ඊට පෙර කිසිදු අපරාධකාරි ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවයි. මේ අතර සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තීන්දුව කඩිනමින් ප්‍රකාශ කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?