ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට

කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම ඊයේ ආරම්භ කළා. ඒ ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින්.මෙහිදි ඔවුන් භාවිතා කරනුයේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්.

එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව යි මෙලෙස පුළුල් භාවිතයට යොදා ගැනෙන්නේ.වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා.මෙම කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැහැ.

කෙසේ නමුත්, වයස අවුරුදු දෙකෙන් ඉහළ ළමයින්ට එන්නත් ලබා දී පාසල් කඩිනමින් විවෘත කිරීම කියුබානු රජයේ අපේක්ෂාව යි.තවත් රටවල් කිහිපයක් මේ වනවිට වයස අවුරුදු 12 ඉක්ම වූ ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර, චිලී දේශය වයස අවුරුදු හයේ සිට දොළහ දක්වා වූ ළමයින්ට සිනොවැක් චීන කොරෝනා එන්නත ලබාදීමට ඊයේ අනුමැතිය ලබාදුන්නා. චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව ද කුඩා ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීමට සැලසුම් කළ ද එය මුලින් ම ආරම්භ කර ඇත්තේ කියුබාව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26