ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම් ලාභිනිය දිවි ගමනට සමුදෙයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (02) දිනයේ දී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

103 හැවිරිදි වියේ පසු වූ ඇය පසුගිය සතියේ නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි.

පස් වතාවක් ඔලිම්පික් ශූර හංගේරියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා කෙලෙටි, වර්ෂ 1952 ෆින්ලන්තයේ හෙල්සින්කි හි දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පළමු රන් පදක්කම දිනාගත්තා.

ඒ, වනවිට ඇය 31 හැවිරිදි වියේ පසු වූ අතර, ඉන් වසර හතරකට පසු එනම් 1956 දී මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී තවත් රන් පදක්කම් 04ක් දිනූ වයස්ගතම කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත් වුණා.

කෙලෙටි රන් පදක්කම් 05ක් ද ඇතුළුව සමස්ත ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගත් අතර, දෙවන සාර්ථකම හංගේරියානු මලල ක්‍රීඩිකාව බවට ද ඇය පත් වුණා.

1921 දී බුඩාපෙස්ට් හි උපත ලැබූ ඇග්නස් කෙලෙටි 1940 දී පළමු හංගේරියානු ශූරතාව දිනාගත් පසු ඇයගේ යුදෙව් සම්භවය හේතුවෙන් ඇයට සියලු ක්‍රීඩා කටයුතු කලක් තහනම්ව පැවතියා.

හංගේරියානු ඔලිම්පික් කමිටුවට අනුව, කෙලෙටි ව්‍යාජ ලියකියවිලි සමඟ බුඩාපෙස්ට් නගරයට දකුණින් පිහිටි ගම්මානයක සැඟවී සිට නාසි මරණ කඳවුරුවලට පිටුවහල් කිරීමෙන් බේරී ඇති අතර, ඇගේ පියා සහ ඥාතීන් කිහිප දෙනෙක් අවුෂ්විට්ස් ඝාතන කඳවුරේ දී මිය ගොස් තිබෙනවා.

1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් වසරකට පසු, කෙලෙටි ඊශ්‍රායලයේ පදිංචි වූ අතර එහිදී ඇය විවාහ වී ජිම්නාස්ටික් පුහුණු කිරීම්වල නිරතව සිටි බව සඳහන්.

ඇය එළඹෙන ජනවාරි 09 වන දින 104 වන වියට පා තැබීමට සූදානමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46