ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ඉන්න විශේෂ වීසා එකක් මා සතුයි – ටිරාන්ගෙන් සජිත්ට සැර පිළිතුරක්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත් වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට අද (11) දින අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80 දෙනෙක් වීසා ලබාගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ඉදිරි මැතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී හදවතින් නොව මොළයෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

යුක්තියේ මෙහෙයුම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ වන විට එය අඩපණ වී ඇති අතර එය නැවත ක්‍රියාත්මක කර 2025 අග භාගය වන විට ශ්‍රී ලංකාවෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන බවයි.

සජිත් ප්‍රේමදාස පාස්පෝට් වීසා ගැටළුව සම්බන්ධයෙන් සත්‍ය නොදන්නා බවත් දේශපාලන වාසි තකා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පාස්පෝට් වීසා ගැටළුව දේශපාලන වාසියක් කරගෙන ඇති බවත් ඔහු අවධාරණය කළා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී ඇති වූ ගැටළු මේ වන විට දැක ගැනීමට නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
15
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16