Empty Ad
AFC Banner
Empty Ad

ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ඉන්න විශේෂ වීසා එකක් මා සතුයි – ටිරාන්ගෙන් සජිත්ට සැර පිළිතුරක්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත් වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට අද (11) දින අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80 දෙනෙක් වීසා ලබාගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ඉදිරි මැතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී හදවතින් නොව මොළයෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

යුක්තියේ මෙහෙයුම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ වන විට එය අඩපණ වී ඇති අතර එය නැවත ක්‍රියාත්මක කර 2025 අග භාගය වන විට ශ්‍රී ලංකාවෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන බවයි.

සජිත් ප්‍රේමදාස පාස්පෝට් වීසා ගැටළුව සම්බන්ධයෙන් සත්‍ය නොදන්නා බවත් දේශපාලන වාසි තකා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පාස්පෝට් වීසා ගැටළුව දේශපාලන වාසියක් කරගෙන ඇති බවත් ඔහු අවධාරණය කළා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී ඇති වූ ගැටළු මේ වන විට දැක ගැනීමට නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
15
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?