AFC Banner
Empty Ad
Empty Ad

ලොව ඉහළ මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

ලොව ඉහළ මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි චෝලන් ලෝක වාර්තාව පිහිටුවීමට ඕටිසම් තත්ත්වයේ පෙළෙන සිසුවෙක් සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළ ම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව අද (22) මෙලෙස පිහිටුවනු ලැබුවේ බලංගොඩ දෙමළ විද්‍යාලයේ අවුරුදු 09ක් වයසැති භාක්‍යරාසා මුරලිදරන් සිසුවායි.

මෙම සිසුවා ඕටිසම් රෝගයෙන් පෙලෙන සිසුවෙකු වන අතර ඔහුගේ ගුරුවරයාගේ මග පෙන්වීම යටතේයි ලෝක වාර්තාව පිහිටු වීමට කටයුතු කර ඇත්තේ.

ලෝකයේ සියළුම රටවල්වල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයින්, එම රටවල් ප්‍රසිද්ධ ක්‍රීඩාවන් සහ සමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

මෙම වාර්තාව පිහිට සිසුවාට හිමි පදක්කම සහ සහතික පත්‍රය චෝලන් ලෝක වාර්තා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
16
+1
6
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?