ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලි ජාතික ජැනික් සින්නර්ට මස 03ක තරග තහනමක් පනවා තිබෙනවා.

පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ද දිනාගත් 23 හැවිරිදි ජැනික් සින්නර්ට පෙබරවාරි 09 වනදා සිට මැයි 04 වනදා දක්වා මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් සින්නර්; ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?